නවතාගෙන සිටීමට බැරිය
මෙක්සිකෝ බොක්කේ මිතුරන් සමග පිහිනමින් සිටි කැට්ලීන්ගේ පාද මෝරෙකු සපා කා ඇයගේ ශරීරයටද හානි කිරීමට ඌ පැමිණියේය. කැට්ලීන් මෝරාගේ නාසයට කදින් පහර දුන්නේය. මත්ස්‍යයා ඇයව අත්හැර පරාජය වී ඉවතට ගියේය. මෝරාගේ පහර නිසා ඇයට බොහෝ තුවාල සිදුවිය. එයට මැහුම් 100 ක් පමණ දමන්න සිදු විය. නමුත් මෝරාට ඇයව ග්‍රහණයේ තබා ගැනීමට නොහැකි විය.
මේ කථාව මට මතක් කරන්නේ යේසුස්වහන්සේ උන්වහන්සේගේ…
දෙවියන්වහන්සේ සමග සත්‍ය ලෙස ක්‍රියා කිරීම
මම මගේ හිස පහත්කර ඇස් දෙක වසා දෑත් එකතු කර යාච්ඤා කිරීම ආරම්භ කරමි. "ප්‍රේමණීය ස්වාමිනී, මම ඔබවහන්සේගේ දරුවෙක් වී අද ඔබ වෙත එමි. ඔබවහන්සේගේ බලය සහ යහපත්කම පිළිගනිමි...". හදිසියේම මගේ ඇසිපිය විවෘත වේ. පසු දිනට නියමිත ඉතිහාස ව්‍යාපෘතිය මගේ පුතා අවසන් කර නොමැති බව මට සිහිවිය. පාසැල් වේලාවෙන් පසුව ඔහුට පැසිපන්දු තරඟයක් ඇති බව මට සිහිවුනි. මධ්‍යම රාත්‍රීය වන…
දැඩි පේ‍්‍රමය
ඇයගේ විවාහ දිනයට සතියකට පෙර සාරාගේ විවාහ ගිවිසුම බිඳී ගියේය. ඇයගේ දුක සහ බලාපොරොත්තු බිඳීම මධ්‍යයෙහි ඇයගේ විවාහ මංගල්‍යයට මිළදී ගත් ආහාර නාස්ති නොකිරීමට ඇය තීරණය කළාය. කෙසේ වෙතත් ඇය සැමරීමේ සැළසුම වෙනස් කිරීමට සිතුවාය. ඇය තෑගි මේසය ඉවත්කර ආරාධිත ලැයිස්තුව වෙනස් කළාය. නිවාස නැති අයට මංගළ්යයට ආරාධනා කළාය.
ඵරිසිවරුන්ට කථා කරමින් යේසුස්වහන්සේ එවැනි බැඳීම් නැති කරුණාව අගය කරන බව…
දෙවියන්වහන්සේ කොයි ආකාරද?
විශේෂ දිනයක් සැමරීම පිණිස මාගේ ස්වාමිපුරුෂයා මාත් සමග චිත්රාගාරයකට ගියේය. එහි ගිය පසු මා කැමති චිත්‍රයක් තෝ්රා ගන්න යයි ඔහු මට කීවේය. මම චිත්‍රයක් තෑග්ගක් ලෙස තෝරා ගත්තෙමි. එහි තිබුණේ වනයක් මැදින් කුඩා ඔයක් ගලා යන ආකාරයයි. ඔයෙහි පතුලෙන් චිත්රයෙහි වැඩි කොටසක් පිරී තිබුණී. ඒහෙයින් අහස වැඩියෙන් පෙනුණේ නැත. එහෙත් ඔයෙහි ජලයෙහි හිරුගේ ඡායාව මෙන්ම ගස් මුදුන් සහ මීදුම පැහැදිලිව…
දුක් විඳින්නන්ට සහනය
ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ට හිරිහැර කිරීම ගැන ඔහුගේ නැන්දා, නපුරු බාප්පාට අභියෝග කිරිම සාහිත්‍යයේ මා කැමතිම දර්ශනයකි. මෙම සිද්ධිය සඳහන් වන්නේ චාර්ල්ස් ඩිකන්ස්ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් පොතෙහිය. එහි ප්‍රධාන චරිතය ඩේවිඩ්ය.
ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ට තම නැන්දාගේ නිවසට එන විට ඔහුගේ බාප්පාද ඔහු පසුපසින් එයි. බෙට්සි ට්රොඩ්වුඩ් නැමති මෙම නැන්දා මර්ඩ්ස්ටෝන් නැමති නපුරු බාප්පා දැකීම නුරුස්සයි. ඔහු කර ඇති වරද වල ලැයිස්තුවක් ඉදිරිපත් කරන ඇය, එ්වායේ වගකීමෙන්…
උගුල මඟහැරීම
වීනස් මැසි උගුලට දින 10කින් පමණ මැස්සෙකු ජිර්ණය කර ගැනීමට හැකිය. ක්‍රියාවලිය ආරම්භ කරන්නේ අහිංසක කෘමියෙකු පැණි සුවඳට ශාකයේ කොළ වල වසන විටය. ශාක කොළ ක්ෂණිකව උගුලක් මෙන් වැසේ. කෘමියා ශාකයේ පහළට යයි. තත්පර ගණනකින් ඌ හසුවේ. ඉන්පසු ජිර්ණය කරන යුෂ කෘමියා දිය කරයි.
මේ මාංශ භදික ශාකය මට මතක් කරන්නේ අප පාපයට ඇදී ගිය විට පාපය අපට කරනදේය. පාපය…
සැලසුම් උන්වහන්සේගේද මාගේද?
මගේ ස්වාමිපුරුෂයා වයස 18දී මෝටර්රථ පිරිසිඳු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔහු ගරාජයක්ද උදව් කාරයන්ද කුළියට ගෙන ප්රචාරක පුවරු සෑදීය. ව්‍යාපාරය දියුණු විය. ඔහුගේ අදහසවූයේ එය විකුණා ඔහුගේ ඉගෙනීමේ කටයුතු වලට මුදල් යෙදීමටය. මිළට ගන්න කෙනෙකු පැමිණි විට ඔහු උද්දාමයට පත්විය. සාකච්ඡුාවලින් පසු ගනුදෙනුව සිද්ධවන බවක් පෙනිණි. එහෙත් අවසාන මොහොතේ එය බිඳවැටිනි. ඔහුගේ අදහස හරිගියේ තව මාස කිහිපයකට
පසුවය.
අපගේ බලාපොරොත්තු…
මාගේ ශක්තියේ දෙවියන්වහන්සේ
පුරාණ බබිලෝනි සොල්දාදුවන්, මහත්වරුන් යැයි කිසිවෙකු වරදවා වටහාගන්නේ නැත. ඔව්හු අනුකම්පා විරහිතය, යටත් නොවන්නෝය, එසේම නපුරුය. ඔව්හු වෙනත් ජාතීන්ට පහර දුන්නේ රාජාලියෙකු තම ගොදුර ඩැහැගන්නා විලසිනි. ඔව්හු බලවත් වූවා පමණක් නොව අහංකාරද වූහ. ඔව්හු නමස්කාර කළේ තම යුධ ශක්තියටය. බයිබලය පවසන්නේ ඔවුන් "තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොටගත්" බවය (හෙබ්‍රෙව් 1:11).
මිදියන්වරුන් සමඟ සටනට යෑමේදී මෙවැනි ස්වයැපීමක් ඉශ්රායෙල්වරුන්ට බෝවීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවීය. එහෙයින් උන්වහන්සේ ඉශ්රායෙල්හි…
අබිගායිල්ගෙන් මතක් කිරීමක්
නාබල් නම් සමෘද්ධිමත් තක්කඩියෙකු සොයා දාවිත් සහ ඔහුගේ යුද විරුවෝ 400ක් ගම් සිසාරා ඇවිද ගියෝය. දාවිත්ට උපකාර කිරීම ඔහු රළු ලෙස ප්‍රතික්ෂේප කර තිබිණි. නාබල් හමුවීමට පෙර ඔහුගේ බිරිඳ අබිගායින් හමු නොවූයේ නම් දාවිත් ඔහුව මරා දමන්නට ඉඩ තිබිණි. ඇය හමුදාවකට අවශ්‍ය ආහාර පටවාගෙන පිටත්වී යුද භටයන් හමුවී විනාශය වැලැක්වීමට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වූවාය. ඔහු පළිගතහොත් සැමදා ඔහුගේ සිත දාවිත්ට…
ආලෝකය දෙසට හැරෙමින්
දිනක් මට රෝස පාට ටියුලිප් මල් කළඹක් ලැබිණි. මම එය මල් පෝච්චියක සකසන විට එ්වා ඝනකම නටුවල සෘජුව බැබළිණි. මම මල් පෝච්චිය කුස්සියේ මේසයේ හරිමැද තැබුවෙමි. ඊළඟ දවසේ මම බලන විට ඒවා වෙනත් පැත්තකට හැරී තිබිණි. මල් සහ පොහොට්ටු ජනේලයෙන් එන හිරු රැස් වෙත නැවී, විවෘතවී තිබිණි.
එක් අතකින් අප සියල්ලෝ එම මල් මෙන් වීමට සාදා තිබේ. උන්වහන්සේගේ ප්‍රේමයේ ආලෝකය…